chapter 30

1.2K 141 12
                                        

" මෙම නඩුවර අදාල දෙපාර්ශවයම විසින් ඉදිපත් කරන ලද සියලු සාක්ෂි සලකා බලා පැමිණිල්ල විසින් මෙම චූදිතවිද්වත් යන චෝදනව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට ගරු අධිකරණයෙන් පිළගනු ලබනවා.. එම නිසා චූදිතයව ශ්‍රී ලංකා දන්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකට දඬුවම් ලබනවා..
එම වරදට වරදකරු වීම හේතුවෙන් චූදිතයට මරණීය දණ්ඩනය නියම කරණු ලබනවා..."

à¶©à¶‚
à¶©à¶‚
à¶©à¶‚

අධිකාරී යුවල අඬ අඬ එයාලගෙ සතුට සමරණකොට මන්දෝදර් විනිසුරු වරුන් තුන් දෙනා යනකම් ඉඳලා එලියට ආවේ අත් දෙකට මාංචු දාලා සුදු රෙද්දකින් ඔළුව වහන් මීඩියා කාරයො වට කරන් බස් එකට නගින ලංකාවෙ හොඳ නම දිනාගත්ත දොස්තර මහත්තයා දිහාත් බලාන්.. ඒත් මන්දෝදර් නොහිතපු විදිහට කවදාවත් නැතුව මීඩිය  එකෙන් එයාව වට කරගන්නකොට මන්දෝදර්ගෙ හිත ටිකක් ගැස්සුනත් මන්දෝදර් ටග්ගල එයාගෙ බ්ලැක් සන්ග්ලාස් දෙක දාගෙන කැමරා මයික් අල්ලන් ඉන්න අය දිහා බැලුවේ ඇහි බැමි රැලි කරන්..

" ඔබතුමා දවසින් කොහොමද වැරදි කාරයාට මරණ දන්ඬනේ දුන්නේ?"
" එතකොට වන්ඩේ ලෝයර් කියන නම ඇත්තක්ද?"
" කොහොමද දවසින් දුලාන්ජන වැරදි කාරයා කියලා   ඔප්පු කරේ..."

මන්දෝදර් මුකුත් නොකියා මිඩියා කාරයොන්ව පහු කරන් ඇවිදන් ගියේ ලැප්ටොප් බෑග් එකයි ෆයිල් මිටියයි අතේ අරන්..

"ඇයි ඔබතුමා උත්තර දෙන්නේ නැත්තේ? "

මන්දෝදර් මුකුත්ම නොකියා මූණ ලාවට පල්ලෙහාට හරවන් වේගෙන් ඇවිද්දේ අනවශ්‍ය අවදානයක් එයාට ලැබෙන එකට තමා එයා අකමැතිම.. මන්දෝදර් කා පාර්ක් එකට යනකම්ම මුකුත් නොකිව්ව තැන එක කොල්ලෙක් මන්දෝදර්ගෙ අතින් ඇදලා අහනකොට මන්දෝදර් ඒ අත දිහා බලලා ඒ කැමරාව දිහාත් බලලා ඒ කොල්ලා දිහාත් බැලුවා..

" මං වැඩ කරන්නේ මගේ විදිහට මිස්ට.. මං වැඩ කරන විදිහ ලෝකෙටම කියන්න අවශ්‍ය නැහැනෙ.. අනික මගෙන් අවසරයක් නැතුව මගෙ එක ආටිකල් එකක් හරි කොහෙ හරි වැටුනොත් අදාල අයට නඩු දාන්න මං දෙපාරක් හිතන්නේ නැහැ... "

මන්දෝදර්ගෙ කටහඬ හොඳටම ගැඹුරුයි... වගේම නපුරුයි.. ඒ බැල්ම නොපෙනුනත් අවසානම මොහොතේ අවසානම වාක්‍ය මන්දෝදර් කිව්වේ සන්ග්ලාස් ගලවලා කාර් එකේ දොර අරින ගමන් වෙනකොට කැමරාස් වලට වගේම ඒ මීඩියා කාරයොන්ට වැටුන අයිස් කැට ඇස් වලින් වැටුනු සීතල බැල්මට මීඩියා කාරයොන්ගේ කැමරායි මයිකුයි ඔක්කොම පාත් වෙලා ගියේ හරියටම මන්දෝදර් කියන්නේ කවුද කියලා දැනගත්ත නිසයි..

තුහින සෘතු Where stories live. Discover now
OSZAR »