chapter 61

1K 130 51
                                        

" උඹට මතක නැද්ද ඇග්‍රිමන්ට් එක ම්ම්.. නටන්න ලෑස්ති වෙන්න එපා මන්දෝදර් ...."

" උඹ කියන විදිහට කරන්න මං කවුරු කියලා හිතුවද! කටේ සද්දෙ අඩු කරලා කතා කරපන් විද්වා -"

චටාස්

මගෙ කම්මුල රත් වෙලා ගියා.. අනුත්තර මට අත ඉස්සුවා!? ඒත් මං තනි කෙළින් ඒ ඇස් දිහා බලාගෙන ඉඳලා

" චටාස්...!!"

අනුත්තර මට ගැහුවා වගේ තුන් ගුණයක් සැරට අනුත්තරගේ කම්මුලයි කනයි දෙකම අහුවෙන්න මං පාරක් දුන්නගමන් උගෙ යාළුවොත් නැගිට්ටා.. ඕලුච්චි ලඟට ඇවිතුත් ඉවරයි..

" උඹ කවුරු කියලා හිතුවද මට අත උස්සන්න ම්ම්.. මගෙ අයියලා මාව හැදුවේ උඹ වගේ උන්ගෙන් ගුටි කන්න නෙවෙයි විද්වාන්.. ඒ නිසා මට අත උස්සන් එන්න එපා...! උඹට මං මේ ගෙදර ඉන්න ඕන්නම් උඹේ මේ යාළුවොන්ව මෙහෙට ගෙන්න ගෙන්න එක නතර කරපන්.. මේ ඉන්න එකීවත් මෙහෙන් එලියට දාපන් එතකොට මං මෙහෙට එන්නම්.කැමතිද? "

අනුත්තරගේ ඇස් රතු වෙලා.. අරකි අනුත්තරගේ කම්මුල අත ගානකොට යාළුවෝ ටික නම් හිටියේ ඇසුත් ලොකු කරන්...

" උඹට ඇග්‍රිමන්ට් එක අමතකනම් මතක් කර ගනින්.. මට ඕන විදිහටයි මේ ගෙදර දේවල් වෙන්නේ. මට ඕන අයයි මේ ගෙදර ඉන්නේ..!"

" ආ එහෙමද.. එතකොට උඹ මේකිව යවන්නේ නැත්තම් ඇග්‍රිමන්ට් එකේ විදිහට මටත් කැමති කෙනෙක්ව ගෙන්න ගන්න පුළුවන්නේ.. වන් මිනිට්"

කෙලින්ම මං නම්බර් එකක් ඩයල් කරලා කනේ තියාගත්තේ අනුත්තරට පල් හිනාවක් දාලා.. මාව කන්ට්‍රෝල් කරා ඌ හඳේ තමා..

" මං එවන ඩ්‍රස් එකට රෙදිත් අරන් එන්න ප්‍රාන.. ම්ම් ඔව්..ඉක්මන්ට එන්න.."

කෝල් එක කට් කරනකොට අනුත්තරගේ ඇස් තිබ්බේ මගෙ දිහාට.. මට මේ ගෙදර එපා වෙලා තියෙන්නේ.. ඕලුට ඕනෙ කියලා ධාන්‍යයි ඒකි මෙහෙට පදිංචියට ආවා.. මං? මං තනි වෙලා මේ ගෙදර... වර්ෂට මේ වැඩ රෑටත්.. ඌ ගෙදර එන්නේ දවල්ට විතරයි ඒකත් පැය ගානකට..

" උඹ මොකක ඒ පාර කරන්න හදන්නේ!! මගෙන් අහන්නේ නැතුවට උඹ කොහො-"

" මගෙ අතේ සැර මතකනම් මේ පිට උන් ඉස්සරහා අත උස්සලා බලපන් මාත් පො## නෙවෙයි උඹෙන් ගුටි කාන් ඉන්න.. උඹට හා සමාන අයිතියක් මේ ගෙදර මට තියෙනවනේ.. මං ඩිවෝස් එකට ඕන සල්ලි හොයාගන්නකම් මට ඕන එකෙක්ව මාත් මේ ගෙදරට ගෙන්න ගන්නවා.. උඹට බෑ මට එපා කියන්න..මං වෙන එකෙක් එක්ක බුදියගත්තත් උඹට බෑ එපා කියන්න.. මොකද මේක කන්ට්‍රැක් මැරේජ් එකක්නේ"

තුහින සෘතු Where stories live. Discover now
OSZAR »